දිවිනැගුම සංවර්ධන වැඩපිළිවෙල ආරම්භක අවස්ථාවේදී යම් යම් බාධා පැමිණියද, ජනාධිපතිතුමන් හා බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ අප්‍රතිහත ධෛර්ය හා නොපසුබස්නා වීර්යය හේතුවෙන් එය අද යථාර්ථයක් බවට පත්වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, මන්නාරම, මාන්තයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අඩම්පන් ජනතා සේවා මධ්‍යස්ථානයෙහි පැවති දිවිනැගුම 6 වන අදියරේ ප්‍රතිලාභ බෙදාදීමේ උත්සවය අමතමිනි.
Divineguma 04
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, දිවිනැගුම වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කරන සෙසු ව්‍යාපෘති වලින් බොහෝ දුරට වෙනස් මාදිලියේ එකක්. ඊට හේතුව වන්නේ බොහෝ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්නේ රජයේ නිලධාරීන් විසින් වුවත්, දිවිනැගුම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේත්, එය පවත්වාගෙන යන්නේත් පොදු ජනතාව විසින් වීම නිසයි. දිවිනැගුම මේ තරම් කෙටි කලක් තුළ ජනතාව අතර ජනප්‍රිය වී ඇත්තේද ඒ හේතුව නිසාමයි.
 
බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා පසුගිය වකවානුවේ උතුරේ ප්‍රදේශ වල පමණක් සිය වාරයකට වඩා සංචාරය කොට, මේ ප්‍රදේශවල සංවර්ධන වැඩපිළිවෙලවල් හා යටිතල පහසුකම් ව්‍යාපෘතීන් නිරීක්ෂණය කර තිබෙනවා. එතුමා උතුරු ප්‍රදේශයේ ජනජීවිත යථාවත් කිරීමට දැරූ වෙහෙස තම මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් වත් නොයෙදූ තරම්. ඒ පිළිබඳ උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රණාමය මා එතුමාට පිරිණැමීමට කැමතියි.
 
පසුගිය තිස් වසර පුරා උතුරු ප්‍රදේශයේ මහා විනාශයක් සිදුවුණා. ඒ වගේම පසුගිය වසර හතරක කාලය තුළ මෙම ප්‍රදේශ වල සිදුවී ඇති සංවර්ධනය දෙස බලන විට, අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ එය පෙර තිබූ තත්වයටත් වඩා වැඩි මට්ටමකින් සිදුවෙමින් පවතින බව දක්නට පිළිවන්.
 
දිවිනැගුම 6 වන අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) ආරම්භ වූයේ,  උදෑසන 10 යි 7 ට යෙදුන සුබ මොහොතිනි. ඊට සමගාමීව දිවයින පුරා, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාෂ 336 කට අයත් ග‍්‍රාමසේවා වසම් 14022 ක මෙවර දිවිනැගුම ජාතික වැඩසටහන ක‍්‍රියාත්මක කෙරිණි. මෙහි ප්‍රතිලාභ බෙදාදීම සඳහා දිවයින පුරා පවුල් විසිපන්ලක්ෂයක් තෝරාගැණුනි.
 Divineguma 01
එලවලු බීජ කට්ටල සහ පැලවර්ග, කුකුළු හා කිකිළි පැටවුන් මෙන්ම පශු සම්පත් ඇතුළු භාණ්ඩ බෙදාදීම අමාත්‍යවරයා ඇතුළු ආරාධිත අමුත්තන් අතින් සිදුවිණි.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රී, රිෆ්කාන් බදියුදීන් මහතා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක්ද, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්, ක්ෂේත්‍ර සහායකයින් ඇතුළු ප්‍රදේශයේ ප්‍රතිලාභී පවුන් වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *