ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමුවක්, කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා වව්නියාවේදී පැවැත්විණ.

සමස්ත ලංකා මහජන කොංග්‍රස් පාක්ෂිකයන් සියලු දෙනා සජිත් ප්‍රේමදාස මැතිවරණ ව්‍යාපාරය සඳහා තම පූර්ණ සහය ලබා දෙන බව ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවට උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී වී. ජයතිලක මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *