ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 14ක ට, පල්ලි 02ක ට, කෝවිල් 02ක ට රුපියල් ලක්ෂය බැගින් මූල්‍යාධාර ලබා දීම 03දා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ විසින් සිදු කෙරෙණි. මෙයට සමගාමීව ජල ගැලීමෙන් හානියට පත් විහාරස්ථාන, පල්ලි සහ කෝවිල් වලට ජල ගැලීමෙන් සිදුව ඇති හානිය ගණනය කිරීමෙන් පසු ඒ සඳහා මූල්‍යාධාර පිරිනැමීමට නියමිතව ඇත.

පීඩාවට පත් ජනතාවට සහ විහාරස්ථාන වෙත අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ උපකරණ බෙදා දීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි. මේ සඳහා අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් ප්‍රතිපාදන සපයා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *