ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ ජාතික උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් ජූලි 01දා පස්වරුවේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ පැවැති අවස්ථාවේදී ඊට සමගාමීව සංවිධානය කළ තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සම්මාන සහ සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අයුරු.

”සමුපකාර සංවර්ධන 2020 දැක්ම” කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි

සමුපකාර මණ්ඩලය මගින් වයඹ පළාත් සමුපකාර සේවක අරමුදල සදහා ලබාදුන් රුපියල් මිලියන 100 ක මුදලට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිතුමා අතින් නිල වශයෙන් පිළිගැන්විණි.

ජාත්‍යන්තර සමූපකාර දින සැමරුමට සමගාමීව සංවිධානය කළ තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සම්මාන සහ සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවසක යතුර ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, චම්පිකා ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද සමුපකාර කොමසාරිස් එල් නසීර් මහතා එක්ව සිටියහ.

ඡායාරූප අනුග්‍රහය ජනාධිපති මාධ්‍ය ඒකකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *