පරිසර හිතකාමී කර්මාන්ත සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ කර්මාන්ත කරුවන්ට මූල්‍ය ආධාර දීමේ සමාරම්භක උත්සවය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 06 වැනිදා කොළඹ, කොල්ලුපිටිය, ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමණාකරණ ආයතනයේදී පැවැත්විණි.

මේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට රුපියල් බිලියන 05 ක මූල්‍ය ආධාර ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *