ජාතික සමුපකාර දින සැමරුම් උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී 07දා පැවැත්විණි.

ඒ වෙනුවෙන් සකස් කරන ලද සමරු කලාපය සහ සමූපකාර ව්යාපාරය පිළිබද රචනා කරන ලද පොත් පිංච මෙහිදී ජනාධිපතිතුමා ට පිළිගැන්විණි.

ජාත්යන්තර සමූපකාර දිනය වෙනුවෙන් අන්තර් සමූපකාර සංගම් අතර පැවති තරගවල ජයග්රාහකයින්ට සම්මාන සහ තිළිණ ප්රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ජනාධිපතිතුමාට විශේෂ සමරු තිළිණයක් පුද කළේය.

ජාතික සමුපකාර දිනය මෙවර සමරනු ලැබුවේ 96 වෙනි වතාවටය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජ්ය අමාත්ය අමීර් අලී, රාජ්ය අමාත්ය ඒ.එල්.එම්. හිස්බුල්ලා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක, ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ පීරිස් , සමුපකාර කොමසාරිස් එස්.එල් නසීර්, යන මහත්වරු, සමුපකාර සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *