තිස් වසරක් පැවැති යුද්ධයෙන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කැප වෙනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මංගල රැස්වීම් ආරම්භ කිරීමේ උත්සව කිහිපයකට 03 වැනිදා සහභාගී වෙමිනි. මන්නාරම දිස්ත්‍රික්කයේ, මන්තායි බටහිර ප්‍රාදේශීය සභාව, මුසලි ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවල මංගල සැසි 03 වැනිදා ආරම්භ කෙරෙණි.

එම ප්‍රාදේශීය සභා තුනේම බලය තිබෙන්නේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා නායකත්වය දරන සමස්ත ලංකා මහජන පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයටය. සමස්ත ලංකා මහජන පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ කිරීම නිසා එම පළාත් සභාවල බලය ලබා ගැනීමට හැකි වූ යේ යැයිද අමාත්‍යවරයා කීවේය. ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා රජය ගෙනයන වැඩ පිළිවෙලට අවශ්‍ය සහය ලබා දෙමින් සියලු ජනතාවට සේවය කිරීමට පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා කීවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *