දේශීය අල ගොවීන්ගේ මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඌව පළාතේ අර්තාපල් ගොවීන් පිරිසක් 14 වැනිදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා හමුවිය.

අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී අල ගොවීන් මෙසේ කීවේය. 1994 වර්ෂයේදී කැප්පෙටිපොල උඩ පළාත විවිධ සේවා සමූපකාරය සමිතියෙන් ණයට ලබා ගත් බීජ අර්තාපල් සඳහා වන ණය මුදල් මෙතෙක් තමන්ට ගෙවා ගත නොහැකි වූ බවත් විවිධ සේවා සමූපකාර ලබා දුන් බීජ අර්තාපල් ප්‍රමිතියෙන් තොරනිසා අස්වැන්න අඩුවීම නිසා අස්වැන්න අවම වීමෙන් ණය ගෙවීමට වුණා. ගරු අමාත්‍යවරයාගේ අවධානය මේ සඳහා යොමු කරන්නැයිද ඔවුන් ඉල්ලා සිටියේය.

එකී විවිධ සේවා සමිතිය එම අර්තාපල් බීජ ප්‍රමිතියෙන් තොර බව දැනදැනම තමන් මුලාකර බීජ අර්තාපල් තමන්ට ණයට ලබාදුන් බවත් මේ වන විට එම ණය මුදල් ලබා ගැනීම සදහා නීති දැඩිකර ඇතිබවත්, ණය මුදල් ගෙවීම් පැහැර හැර ඇතැයි පවසමින් ඇතැම් අර්තාපල් ගොවීන් අත්අඩංගුවට ගනිමින් සිටින බවත්, මේ නිසා ගොවීන් දැඩි අසරණ වී ඇති බවත් කීවේය.
අර්තාපල් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන් අතර, ඌව පළාත් සභාවේ සමූපකාර අංශය හා සම්බන්ධ වී අර්තාපල් ගැටලුව නිරාකරණය කරන ලෙසද නිලධාරීන්ට කීවේය.

මේ සාකච්ඡාව සඳහා කම්කරු, වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *