දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සහතික මිලකට සතොස මිලදීගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මෙම වැඩපිළිවෙළ අද (06දා) සිට ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ගොවීන්ගේ නිවෙස්වලට ගොස් අල කිලෝවක් රුපියල් 90ක මුදලකටත්, සතොස මිලදී ගැනීම් ස්ථානවලට අස්වැන්න ගෙනැවිත් දීමේදී අල කිලෝවක් රුපියල් 100ක මුදලකටත් ලබාගැනීමටත් තීරණය කර තිබේ.

මෙලෙස මිලදීගන්නා දේශීය අල කිලෝවක් ලංකා සතොස හරහා රුපියල් 115කට අලෙවි කිරීමට තිරණය කර ඇත. අල ගොවීන්ගේ අස්වැන්න අලෙවි කිරීමේදී ඇති වී තිබෙන දුෂ්කරතා මග හරවාගැනීම සඳහා ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *