නැගෙනහිර පළාතේ ජනමාධ්‍යවේදීන් සඳහා උපහාර පුද කිරීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 31දා කල්මුණේදී පැවැත්විණ. අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබිණ. ජනමාධ්‍ය උපහාර උළෙල මෙවර පැවැත්වුණේ 24වැනි වතාවටයි.

එම අවස්ථාවට අමාත්‍ය අමීර් අලී, නියෝජ්‍ය අමාත්‍යවරු වන පාලිත රංග බණ්ඩාර, අබ්දුල්ලා මහරුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *