නෝර්වීජියානු GSP+ බදු සහනය ඉදිරි වසර තුන සදහා ශ්‍රී ලංකාවට ලබාදීමට නෝර්වේ රජය තීරණය කොට ඇතැයි ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී, ග්‍රේට් ලෝචෙම් මහත්මිය පැවසුවාය.
ඇය මෙම නිවේදනය කළේ, දේශීය අපනයනකරුවන් සදහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කර තිබූ වැඩමුඵවක් අමතමිනි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුඵව, මාර්තු 18 දා, කොළඔ 02, නවම් මාවතේ පිහිටි එම මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 Norway GSP+ 04
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ග්‍රේට් ලෝචෙම් මහත්මිය, “ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බොහෝමයක් සදහා නෝර්වේ හි වෙළදපොල අවස්ථා පවතිනවා. මෙම බදු සහනය හේතුවෙන් ඒ සදහා වඩා හොද ප්‍රවේශයක් හිමිවෙනු ඇති. දීර්ඝ යුද්ධයක් අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රි ලංකාවේ ආර්ථිකයේ වේගවත් දියුණුවක් දක්නට ලැබෙනවා. නෝර්වේ GSP+ බදු සහනය හේතුවෙන් එම දියුණුව තව තවත් වේගවත් වනු ඇති.”
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, “1972 වසරේ සිට නෝර්වීජියානු සාමාන්‍ය GSP බදු සහනය අප වෙත හිමිව තිබුණත්, මෙවර GSP+ බදු සහනය හිමිවීම අප රටට ඉතා වාසිදායක කරුණක්. මේ නිසා අපගේ භාණ්ඩ විවිධාංගීකරණයකින් යුතුව අපනයනයටත්, ජාත්‍යන්තර වෙළදපොළ හා තිබූ තරගකාරීත්වයට මුහුණදීමටත් අවස්ථාව හිමිවෙනවා.
 Norway GSP+ 05
පසුගිය පස් වසර තුළ නෝර්වේ රාජ්‍යය සමග ද්වීපාර්ශ්වීක වෙළදාම 26% කින් වර්ධනය වී තිබෙනවා. එහි සමස්ථ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 31.8 ක්. නෝර්වීජියානු GSP+ බදු සහනය හේතුවෙන් 2020 දී අපගේ අපනයන ඉලක්කය වන ඇ.ඩො.බිලියන 20 වෙත ලගාවීම සදහා පිටිවහලක් වනවා. වෙළද හා අපනයන කටයුතු වලදී නෝර්වේ රජය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහාය පිළිබදව අප රජයේ ස්තුතිය මෙම අවස්ථාවේ නෝර්වේ රජය වෙත මා පිරිනමනවා.”
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ මහතා මෙහිදී කියා සිටියේ, ඩොලර් බිලියන 100 ක වෙළදපොළක් නෝර්වේ හි පවතින බවත්, ස්වීඩනය, ඩෙන්මාර්කය හා පින්ලන්තය ඇතුඵ ස්කැනේඩ්යානු රටවල් වලට ඇතුඵ වීමට නෝර්වේ රාජ්‍යය හොද ප්‍රවේශයක් බවත්ය. එමනිසා මෙම ස්වර්ණමය අවස්ථාවෙන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් ප්‍රයෝජන ගනු ඇති බවටද ඒ මහතා විශ්වාසය පළ කළේය.
 Norway GSP+ 02
මෙම අවස්ථාවට එක්වූ නෝර්වීජියානු රේගුවේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා, සුසාන් නීල්සන් හා එහි සහකාර අධ්‍යක්ෂිකා, සිසිලී අල්නායිස් යන මහත්මීන් විසින් නෝර්වීජියානු වෙළදපොළට ප්‍රවේශ වීමේදී මතුවිය හැකි ගැටඵ නිරාකරණයට අවශ්‍ය උපදෙස් හා සෙසු තත්වයන් පිළිබද ශ්‍රී ලාංකික අපනයනකරුවන් දැනුවත් කිරීම විශේෂ සිද්ධියක් විය.
නෝර්වීජියානු GSP+ බදු සහනය යටතේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ රැසක් සදහා තීරුබදු සහන හිමිවේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නිෂ්පාදනයන් වන තේ, සහල් හා ඇගලුම් නෝර්වේ තුළ නිෂ්පාදනය නොකරන බැවින් ශ්‍රී ලංකාවට මෙහිදී සුවිශේෂී අවස්ථාවන් හිමිවනු ඇත. ඉහළ ක්‍රය ශක්තියක් (මිළදී ගැනීමේ හැකියාවක්) සහිත ජනතාවක් වෙසෙන නෝර්වේ, ලොව වැඩිම ඒකපුද්ගල ආදායම හිමි රටවල් අතුරින් තෙවැනි ස්ථානයේ පසුවන රටකි. නෝර්වීජියානු GSP+ යනු, යුරෝපා සංගමය ලබාදුන් GSP+ බදු සහනය නොවේ.
Norway GSP+ 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *