ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය මණ්ඩලයේ නවතම තාවකාලික ඇස්තමේන්තු අනුව, 2013 වාර්ෂික අපනයනයන් 6.2% කින් වර්ධනය වී ඇති අතර, එහි මුළු වටිනාකම ඇ.ඩො. මිලියන 10379.64  කි. මීට සාපේක්ෂව 2012 වසරේ අපනයන වල මුළු වටිනාකම ඇ.ඩො.මිලියන 9773.63 කි.

කෘෂි අපනයනයන, ඇඟලුම්, අනෙකුත් අපනයන භෝග සහ කර්මාන්ත නිෂ්පාදන යන අංශ මෙම අපනයන වර්ධනයට දායක වූ ප්‍රධාන අංශ වේ.

අදාල වාර්ථාවට අනුව, දේශීය කෘෂි අපනයන අංශයේ වර්ධනය, 10.3% ක්වූ අතර, එහි සමස්ථ වටිනාකම ඇ.ඩො.මිලියන 2479.94 ක විය. ඇඟලුම් අංශය 13.31% කින් වර්ධයන වූ අතර, එහි වටිනාකම ඇ.ඩො.මිලියන 4492.20 කි. කාර්මික නිෂ්පාදිතයන්ගේ වර්ධනය 4.91% ක්වූ අතර, එහි වටිනාකම ඇ.ඩො. මිලියන 7618.20 කි. අතිරේක අපනයන නිෂ්පාදිතයන්ගේ වර්ධනය 42.9% ක්වූ අතර, එහි වටිනාකම ඇ.ඩො.මිලියන 521.43 කි. තවද, තේ අපනයනයේ ප්‍රගතිය 9.22% ක්වූ අතර එහි වටිනාකම ඇ.ඩො. මිලියන 1526.75 ක් විය. මත්ස්‍ය නිෂ්පාදන අපනයෙන් ලද ආදායම ඇ.ඩො.මිලියන 244.43 ක් වන අතර එය 19.14% කින් වර්ධනය විය.

 

රබර්, ස්වර්ණාඟරණ හා මැණික්, පෙට්‍රෝලියම් නිෂ්පාදන තරමක පහත බැසීමක් දැක්වූ අතර, කාර්මික නිෂ්පාදනයන් හා පොල් ඉතා සුළු පසුබෑමක්ද පෙන්නුම් කළත් එම භාණ්ඩ දෙකෙහි අපනයන මට්ටම ස්ථාවරව පැවතීම අගය කළ යුතුය.

 

මෙම දත්ත සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, අපනයන ක්ෂේත්‍රයේ මේ ලබා ඇති ප්‍රගමනය වෙනුවෙන් දායක වූ සියළුම අපනයනකරුවන්ටත්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රේඛීය ආයතනයන්හි නිළධාරීන්ටත් සිය කෘතඥතාවය පළකරන බැව් පවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *