මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 159 ක් දිනා ගැනීමට සමස්ථ ලංකා මහජන පක්ෂයට හැකිවී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

පෙර පැවැති පළාත් පාලන මැතිවරණයේ දී සමස්ත ලංකා මහජන පක්ෂය දිනාගෙන තිබුණේ මන්ත්‍රී ආසන 67 ක් පමණි. ඒ අනුව මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රී ධූර 159ක් ලබා ගෙන තිබෙන අතර පෙර පැවැති මන්ත්‍රී ධූර සංඛ්‍යාව හා සැසදීමේ දී එය සියයට 137%ක වර්ධනයකි.

සමස්ත ලංකා මහජන පක්ෂය දිස්ත්‍රික්ක 15ක තෝරාගත් පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කර දිනා ගෙන ඇති සමස්ත ආසන සංඛ්‍යාව 159කි. මන්නාරම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව තරඟ කර මන්තායි බටහිර, මන්නාරම, මුසලි යන ප්‍රාදේශීය සභාවල බලය අත්පත් කර ගෙන ඇත. එම ප්‍රාදේශීය සභා 03න් හිමිකරගෙන තිබෙන මන්ත්‍රී ධූර සංඛ්‍යාව 34කි.

එක්සත් ජාතික පක්ෂය සහ සමස්ත ලංකා මහජන පක්ෂය එක්ව දිස්ත්‍රික් නවයක් සඳහා තරඟ කර වව්නියාවෙන් 17, මුලිතිව් 12ක්, යාපනයෙන් 1ක්, කිලිනොච්චියෙන් 2ක්, කොළඹින් 02ක්, අනුරාධපුරයෙන් 04ක්, පුත්තලමෙන් 8ක්, මඩකලපුවෙන් 13ක් වශයෙන් සමස්ත ලංකා මහජන පක්ෂය මන්ත්‍රී ධූර ලබා ගෙන ඇත. මහනුවරින් 08ක්, කුරුණෑගලින් 05ක්, කළුතරින් 02ක් වශයෙන් සමස්ත ලංකා මහජන පක්ෂය සභික ධූර දිනාගෙන ඇත. එම දිස්ත්‍රික්ක 03 සඳහා සමස්ත ලංකා මහජන පක්ෂය ඉදිරිපත් වූයේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *