පකිස්තානයට ශ්‍රී ලංකාවෙන් බුලත් අපනයනයේ දී එරට රජයෙන් පනවා ඇති නියාමන බද්ද නිසා බුලත් අපනයනකරුවන් පත්ව ඇති අසීරුතාවයට කඩිනමින් විසඳුම් ලබා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා සමග කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී 31දා පැවැති සාකච්ඡාවක දී ය.

2017 ජූලි පළමු වැනිදා සිට ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට අපනයනය කරන බුලත් සදහා කිලෝවකට ශ්‍රී ලංකා රුපියල් දෙසීය අනූඑකක නියාමන බද්දක් අලුතෙන් පැනවීම නිසා දේශිය බුලත් වගාකරුවන් හා බුලත් අපනයනකරුවන්ද දුෂ්කරතාවකට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *