පුත්තලම අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳව වූ සාකච්ඡාවක් 12දා පාර්ලිමේන්තු කමිටු රැස්වීම් ශාලාවේදී කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අරුවක්කාලු කසළ අංගනය නිසා පුත්තලම ප්‍රදේශයට වන බලපෑම පිළිබඳව ගරු අග්‍රාමත්‍යතුමා හමුවී සාකච්ඡා කළ යුතු යැයි කමිටු රැස්වීමේදී තීරණය කෙරෙණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, හෙක්ටර් අප්පුහාමි, නසීර් මන්සූර්, යන මහත්වරු පුත්තලම ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන්, මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *