පොල්, පරිප්පු, අල සඳහා උපරීම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

පොල්, පරිප්පු, ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම පාලනය කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහ ජීවන වියදම් කමිටුවේදී ගත් තීරණ අනුව පොල්, පරිප්පු, අල සඳහා උපරීම මිලක් නියම කර අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලෙස රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ අනුව පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 75කි, පරිප්පු කිලෝවක මිල රුපියල් 130කි. ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 77කි. අද (06) සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක කෙරේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *