ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ පිළිබද කාර්යාලයේ කටයුතු කාර්ය්‍යක්ෂම කිරීම උදෙසා වන ශ්‍රී ලංකා බුද්ධිමය දේපල උපදේශක කොමිසමේ මීළග වාරය සදහා සාමාජිකයක් පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 20 දා, එම අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල පනතේ අංක 162 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව, අමාත්‍යවරයා විසින් සාමාජිකයන් දස දෙනෙකුගෙන් (10) යුතු මෙම උපදේශක කොමිසම පත්කරනු ලැබිණි. කර්තෘ හා ප්‍රකාශන අයිතිය, වෙළද ලකුණු, පේටන්ට් බලපත්‍ර, අසාධාරණ වෙළද තරගය, කාර්මික සැලසුම් හා බුද්ධිමය දේපල පනතින් විධිවිධාන සලසා ඇති පරිදි වෙනත් යම් විෂයානුබද්ධ කරුණු සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම, උපදෙස් ලබාදීම හා අවශ්‍ය සැලසුම් යෝජනා කිරීම සදහා මෙම කොමිසම පත්කිරීමේ බලය අමාත්‍යවරයාට ලබාදී ඇත.
 Intellectual Propery Commision 01
මෙම කොමිසමේ සභාපතිනිය වශයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ, සුගන්ති විජේසූරිය කදිර්ගාමර් මහත්මිය පත්කරනු ලැබූ අතර, එහි සෙසු සාමාජිකයන් වනුයේ, ජ්‍යෙෂ්ඨ නීතීඥ, ජේ.එම්.ස්වාමිනාතන්, නීතීඥ, ඩිනාල් පිලිප්ස්, නීතීඥ, අනුර ජයසිංහ, නීතීඥ, පාලිත ගමගේ, නීතීඥ, ගසාලි හුසේන්, නීතීඥ, එම්.කේ.එම්.සජාන්, හිටපු බැංකු නිලධාරී, එස්.සුබයිර්දීන්, සංගීත ශිල්පී, නදීක ගුරුගේ සහ ආයුර්වේද වෛද්‍යාචාර්ය, ඩැනිස්ටර් පෙරේරා යන මහත්වරුන් වේ. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල පිළිබද කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ගීතාංජලී රණවක මහත්මිය නිලබලයෙන් මෙම කොමිසමේ එකොලොස්වන (11) සාමාජිකයා වශයෙන් ක්‍රියාකරනු ඇත.
2003 අංක 36 දරන ජාතික බුද්ධිමය දේපල පනත වනාහී, බුද්ධිමය දේපල පිළිබද නීතිය හා ලියාපදිංචි කිරීම පාලනය කිරීම, පරිපාලනය කිරීම පිණිස හා කාර්ය්‍යක්ෂම කාර්ය පරිපාටියක් සදහා විධිවිධාන සැලැස්වීම පිළිබදව වූ පනතකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *