මන්නාරම, මුසලි, කරඩික්කුලි රජයේ මුස්ලිම් විද්‍යාලයේ ඉදිකළ ⁣පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29 වෙනිදා සිදු කෙරෙනි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කළ ඉල්ලීමක් අනුව ජපානය සහ UN-Habitat සංවිධානය ගොඩනැගිල්ල ඉදි කිරීමට මූල්‍ය දායකත්වය ලබා දී තිබිණි.

⁣මෙම අවස්ථාවට මහජන නියෝජිතයන්, UN-Habitat ආයතනයේ නියෝජිතයන්, පාසල් සිසුන් ඇතූළු පිරිසක් සහභාගි වූහ. මෙයට සමගාමීව මන්නාරම සිලාවතුර, මුස්ලිම් විද්‍යාලය, මන්නාරම ජාතික ජාතික පාසල, මන්නාරම තාරපුරම් අල් මිනා මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා ගරු අමාත්‍යවරයා සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *