සමෘද්ධි සහනාධාර ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ උත්සවය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුබසාධන අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම නගර සභා ක්‍රීඩාංගනයේදී 9දා පැවැත්විණ.

මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 12,000කට සමෘද්ධි ප්‍රතිලාභ බෙදාදීම සිදු කෙරිණ.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. මුජාහිර් යන මහත්වරු, රාජ්‍ය නිලධාරීන් මහජනතාව ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *