මන්නාරම දිස්ත්‍රික්කයේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 01 වැනිදා සිදු කෙරිණ.

මන්නාරම පාලක්කුලි, මරිච්චිකට්ටි, කරඩික්කුලි ප්‍රදේශවලදී එම උත්සව පැවැත්විණ, එහිදී දරුවන් රැසකට පාසල් උපකරණ, බෑග්, කෑම පෙට්ටි ඇතුළු දැ බෙදා දුන්හ. මෙම අවස්ථාවට මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. මුජාහීර් මහතා ඇතුළු ප්‍රදේශයේ දෙශපාලන ක්‍රියාකාරිකයන් රැසක්, පාසල් දරුවන්, මව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *