මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දියත් කළ “නිල මෙහෙවර ජනපති ජනතා සේවය” ජාතික වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 11 වෙනිදා දක්ෂිණාමර්දු දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්විණි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සංවිධානය කරන මේ වැඩසටහන මගින් ප්‍රදේශයේ ජනතා අවශ්‍යතා රැසක් ඉටු කර දීම මෙහිදී සිදුවිණි.

ජාතික හැඳුනුම්පත්, වැඩිහිටි හැඳුනුම්පත් උප්පැන්න සහතික, ලබා දීම, වෛද්‍ය සායන, විදේශ රැකියා සම්බන්ද ගැටළු විසඳීම ඇතුළු මහජන සේවාවන් රැසක් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබිණි. මේ අවස්ථාවට මඩු ප්‍රාදේශීය ලේකම් එෆ්.සී සත්‍යසෝති මහතා, ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *