මන්නාරම, නනාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිරුවිලිකුලම් ප්‍රදේශයේ ඉදිකළ හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29දා පැවැත්විණි.
රුපියල් මිලියන 3ක වියදමින් ඉදි කළ මේ හස්ත කර්මාන්ත මධ්‍යස්ථානයෙන් 42දෙනෙකුට ඍජු ප්‍රතිලාභ හිමිවේ.
හස්ත කර්මාන්ත ශිල්පීන්ට අවශ්‍ය උපකරණ බෙදාදීම ට ද අමාත්‍යවරයා කටයුතු කෙළේය.
මේ අවස්ථාවට, මන්නාරම අතිරේක දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල්, නනාට්ටාන් සහකාර ප්‍රාදේශීය ලේකම් අයේෂා වික්‍රමසිංහ, ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම යන මහත්මීන් ඇතුළු, රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.