නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන “සැමට සෙවණ” ජාතික නිවාස වැඩසටහනට සමගාමීව මන්නාරම, නානාට්ටාන්, නරුවිලික්කුලම්, හි ඉදි කළ “ලුර්දුනගර්” 102 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදිුයුදීන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් 05දා ජනතා අයිතියට පත් කෙරෙණි.

මෙම ආදර්ශ ගම්මානය නිවාස 23කින් සමන්විතය. මෙම උත්සවයට සමගාමීව, බිම් කොටස්වල හිමිකම් එම ජනතාවට ලබාදීම, “සොඳුරු පියස” නිවාස ණය ප්‍රධානය, ප්‍රතිලාභීන් 400ක් සඳහා විසිරි ණය චෙක්පත් ප්‍රධානය කිරීම, “ශිල්ප සවිය” පුහුණුලාභීන් 238ක් සඳහා ප්‍රතිලාභ ලබා දීම, ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *