මහනුවර ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායක කරු ජයසූරිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඇතුළු අමාත්‍යවරු පිරිසක් මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්, මල්වතු මහා විහාරයේදී බැහැ දුටුවහ.

අස්ගිරි පාර්වයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් අස්ගිරි මහා විහාරයේ දී බැහැ දුටුවහ. ඇති වී තිබෙන තත්ත්වය සම්බන්දයෙන් රටක් ලෙස ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන්ගෙන් අනුසාශනා ලබා ගත්හ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද සහභාගී වූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *