කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, ඊයේ (මැයි 18) මාවනැල්ල නගරයේ සංචාරයක නිරත විය. ගින්නෙන් විනාශ වූ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ව්‍යාපාරික ස්ථානයක් පරීක්ෂා කිරීම අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ විය.
මෙහිදී ප්‍රදේශවාසීන් අමාත්‍යවරයාට පවසා සිටියේ, මුස්ලිම් විරෝධීන්ගේ ක්‍රියාකාරකම් මේ සදහා හේතු වී ඇති බවයි.
අදාල ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇමතූ අමාත්‍යවරයා, සිද්ධියට සම්බන්ධ පිරිස් කඩිනමින් නීතීයේ රැහැනට හසුකර ගන්නා ලෙස ඔවුනට උපදෙස් දෙන ලදී.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, අතිගරු ජනාධිපතිතුමන්ගේ උදාර නායකත්වය යටතේ තිස් වසරක බිහිසුණු යුද්ධයක් නිමා කිරීමෙන් පසු, සාමයේ ප්‍රතිලාභ භුක්ති විදිමින් සිටින අවදියක සිදුවන මෙවැනි ක්‍රියා තරයේ හෙළා දකින බැව් පැවසීය.
19MAY3
19MAY4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *