මිලාද් නබි ජාතික උත්සවය සැමරීම පිළිබඳව වූ සාකච්ඡාවක් තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.එම්. හලීම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් මොහාන්රාජ් මහතාගේ සහභාගීත්වයෙන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 27දා පැවැත්විණ.

මිලාද් නබි ජාතික උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, මුසලි ජාතික පාසලේ දී නොවැ: 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. තැපැල් සහ මුස්ලිම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, උතුරු පළාත් සභා මන්ත්‍රී අලි ඛාන් ෂරීෆ්, කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන්, මුස්ලිම් සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ෆාහිම්, මුස්ලිම් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ මලික්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. මුජාහිර්, මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති සුෆියාන් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *