මේ රටේ තියෙන්නේ ආණ්ඩුවෙන්, ආණ්ඩුවට වෙනස්වන ප්‍රතිපත්ති. එකම ආණ්ඩුවේ වුණත් ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. මීට වසර 10 පෙර ආරම්භ කරලා විවිධ ගැටළු නිසා පැත්තක දාපු ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ කාර්යය සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් තියෙනවා යැයි කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පළාත් සමුපකාර අමාත්‍යවරුගේ සමුළුව අමතමිනි. සමුළුව කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පළාත් සමුපකාර අමාත්‍යවරුන් සහ උසස් නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා පැවැත්විණි. කෙටුම්පත් කළ ජාතික සමුපකාර ප්‍රතිපත්තිය පළාත් අමාත්‍යවරුන් ඉදිරියේදී සාකච්ඡාවට ලක් කිරීම සඳහා මේ සමුළුව කැඳවා තිබිණි.

අමාත්‍යවරයා මෙසේද කීය. මෙරට සමූපකාර ව්‍යාපාරයේ වැඩිම කාර්යය මණ්ඩලයක් ඉන්නේ පළාත් අමාත්‍යාංශ යටතේ. අපි රජයක් ලෙස මේ ව්‍යාපාර වැඩිදියුණු කළ යුතුයි. මේ ස්ථානයේ මහ ඇමතිවරු දෙදෙනෙක් සහ පළාත් ඇමතිවරු ඉන්නවා. මේ පනත කෙටුම්පත් කරලා තියෙන්නේ සමුපාකාර ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අදහස් සහ යෝජනා අනුවයි. එයට යම් සංශෝධනයක් වේ නම් එය කරන්න අපි සූදානම්.

සමූපකාරයටත් ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. අපි ඉතා ඉක්මණින් මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. සමූපකාරයට මේ රටේ පැහැදිලි වෙනසක් ඇති කළ හැකිය. අපි දැක්කා ඇතැම් පළාත්වල ලොකු වැඩ කොටසක් කර තිබෙනවා. වයඹ පළාතේ දුප්පත් පවුල් සඳහා නිවාස පවා හදනවා යැයි කීය.

7M8A2203 7M8A2224 7M8A2243 7M8A2251 7M8A2325

Leave a Reply

Your email address will not be published. Required fields are marked *