යාපනය දිස්ත්‍රික්කයේ අවතැන්ව සිටින පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ ඔවුන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා අවසර ලබා දීමට ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 16 දා යාපනයේදී පැවති රැස්වීමකදී එකඟත්වය පළවී තිබේ. ඒ සඳහා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියද ලැබී තිබේ.

අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට ගරු අගමැතිතුමා විසින් උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *