තිස් වසරක් පැවති යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට හිසට සෙවණක් ලබා දෙමින් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ඉල්ලීමක් අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අලි අබ්දුල් අල්ඛාජා මැතිතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මන්නාරම ප්‍රදේශයේ ඉදිකළ “සායිඩ් සිටි” නිවාස 120 කින් සමන්විත නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෙඩ් ක්‍රසන්ට් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා මන්නාරමේදී සිදුකෙරෙණ.

⁣සියලු නිවාස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, මුලුතැන්ගේ උපකරණ ද ලබාදී තිබේ. නිවාස 120 කින් සමන්විත “සායිඩ් සිටි” නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවක්, දේවස්ථානයක්, සාප්පු සංකීර්ණයක්, රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල ඇතුලු පහසුකම්වලින් සමන්විතයි.

මෙම අවස්ථාවට ට උතුරු පළාත් සභා (හිටපු ) මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්, මන්නාරම, මාන්තෛයි බටහිර ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුලු ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *