රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ ටයර් සේවා සැපයීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹ 02, නවම් මාවත රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

නවම් මාවත, ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පිහිටි ටයර් සේවා ස්ථානයෙන් ටයර් මාරු කිරීම, වීල් බැලන්ස්, වීල් එලයින්මන්ට්, ඇතුළු සේවා රැසක් සැපයේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති හුසෙන් බහිලා, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *