????????????????????????????????????

රැකියා ඉල්ලා මහපාරේ විරෝධතා පවත්වන්නන්ට ඔක්සිජන් සපයන පිරිසක් ඉන්නවා, ඔවුන්ට ඕන කවර මාර්ගයකින් හරි කුමන කණ්ඩායමක් හෝ යොදාගෙන රටේ ඉදිරි සංවර්ධන ගමන කඩාකප්පල් කරන්න යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ සුළු හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදන කර්මාන්තකරුවන් පනස් දෙනෙකුට තම කර්මාන්තය දියුණු කර ගැනීමට රුපියල් ලක්ෂ දෙක බැගින් මූල්‍ය ආධාර පිරිනැමීම වෙනුවෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී 02දා පැවැති උත්සවයක් අමතමිනි.
අමාත්‍යවරයා මෙසේ කීය. අපේ රටේ ඇතැමුන් සිතන්නේ රජයේ රැකියාවක් කිරීම කළ යුතුයි කියලා. බොහෝ දෙනෙක් මෙහෙම හිතන්නේ රජයේ රැකියාවකින් විශ්‍රාම වැටුපක් ලැබෙන නිසයි. ඒත් තමන්ගේ ස්වශක්තියෙන් ව්‍යාපාරයක් කරගෙන ජීවිතය ජයගන්න මිනිස්සු ගොඩක් අපි අතර ඉන්නවා. නොමිලේ ලැබෙන අධ්‍යාපනයෙන් පාසල් ගිහින් ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයටත් ඇතුල්වෙලා උපාධියත් අරගෙන රැකියා ඉල්ලලා විරෝධතා කරනවා. ඇතැමුන් විරෝධතාවලට එන්නේ තමන්ගේ දරු මල්ලන් සමගයි. මොවුන්ට ඔක්සිජන් සපයන පිරිසකුත් ඉන්නවා. මෙහෙම විරෝධතා කරන අයගෙන් මම ඉල්ලන්නේ රජයේ රැකියාවක් ලැබෙන තෙක් නොසිට මෙවැනි කර්මාන්තයක නියැළී ජීවිතය සාර්ථක කරගන්න කියලා.
පසුගිය අයවැයෙන් මේ වැඩසටහනට රුපියල් මිලියන දහයක මුදලක් වෙන් කර තිබෙනවා. සුළු පරිමාණ ආහාර නිෂ්පාදන කර්මාන්ත සඳහා මූල්‍ය සහාය ලබා දීමට මේ මුදල් වෙන් කර තිබෙනවා. මේ මූල්‍ය සහාය ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ ඔබේ නිෂ්පාදන හා නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමටයි. ඒ සඳහා ප්‍රාග්ධනය යොදවා භාණ්ඩ හා යන්ත්‍ර සම්බන්දයෙන් අවශ්‍ය මිලදී ගැනීම් කරන්න මේ මුදල් ලබා දෙනවා. මේ ව්‍යාපෘතියේ ප්‍රතිඵලය ලෙස අපි අපේක්ෂා කරන්නේ රටේ ආර්ථිකය වර්ධනය කරන්නයි. ඔබ මින් ඉදිරියට තව තවත් ගුණාත්මක නිෂ්පාදන තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.
අද තියෙන ජාතික ප්‍රතිපත්තිය වන්නේ රටේ කර්මාන්ත හැකි තරම් වැඩිදියුණු කරලා රටේ ආර්ථික ඉහළ නැංවීමයි. ඒ සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් දැඩි කැපවීමෙන් කටයුතු කරනවා. නිතරම කර්මාන්තකරුවන්ට ආධාර උපකාර ලබා දීමත් වෙළෙඳපොළ අවස්තා සොයා දී ව්‍යාපාර දියුණුව කරා ගෙනයාමත් රජයේ බලාපොරෙත්තුවයි. අද මේ විදියුට දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන සේ සුළු පරිමාණ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියැළෙන 50දෙනකු මේ සඳහා තෝරාගෙන තියෙනවා. ඔබට ලබා දෙන්නේ මේ රටේ පොදු ජනතාවගේ මුදල්. රටේ සංවර්ධනයට වැය කළ හැකි මුදල්. ඒ නිසා ඔබට විශාල වගකීමක් තියෙනවා ඒ මුදල් නිසි ලෙස භාවිතා කරමින් ඔබේ කර්මාන්තය වැඩිදියුණු කරගෙන නිෂ්පාදන තවත් සාර්ථක කරගෙන මේ රටේ සංවර්ධනයට, ආර්ථිකය නගා සිටුවීමට තවතවත් දායක වීමට. ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා යැයි කීය.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සංවිධානය කර තිබූ මේ උත්සවයට කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාතය චම්පික ප්‍රේමදාස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති මහින්ද ජිනසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *