ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති අලෙක්සැන්ඩර් කර්චාවා මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අතර සුහද හමුවක් අද (02) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී ජුනි 01දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට සහභාගීවන ලෙස නිල ආරාධනාව බාර දීම ද මෙහිදී සිදුවිණි.
එම ආරාධනාව පිළිගනිමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා කියා සිටියේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන සමුළුවට සහභාගීවීමට සූදානමින් සිටින බවත්, එමගින් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ද අදහස් කරන බවයි. මෙකී සමුළුවට සහභාගීවීමට ලැබීම ශ්‍රී ලංකාවට ලද ගෞරවයක් බවද අමාත්‍යවරයා කීය.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සොනාලි විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *