නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ වන රෝපා ජාතික වැඩසටහන 05දා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලා රැසකගේ සහභාගීත්වයෙන් මන්නාරම තම්පනෙයිකුලම් හිදී පැවැත්විණි.

මන්නාරම තම්බනෙයිකුලම් ප්‍රදේශය ආවරණය වන පරිදි වන රෝපා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 05දා මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

එම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍යවරු වන වීරකුමාර දිසානායක, ශ්‍රියානි විජේවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මහත්ම මහත්මීන් ත්‍රිවිධ , හමුදා නිලධාරීන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *