වව්නියාව දිස්ත්‍රික් රෝහලේ හදිසි අනතුරු ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම සහ හෘද හා වකුගඩු ඒකකය සඳහා මුල්ගල් තැබීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් 14දා සිදු කෙරිණ.

හදිසි අනතුරු ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 150කි. හෘද හා වකුගඩු ඒකකය සඳහා නෙදර්ලන්ත රජයෙන් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා දී තිබේ.

මෙම අවස්ථාවට නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනිය ඊවා වෑන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත, වවුනියාව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නන්දකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්, එන්. ශිවශක්ති ආනන්දන්, ශිවප්‍රගාසම් ශිවමෝහන්, කාදර් මස්තාන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *