වව්නියාව, ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා එම විහාරස්ථානයට 25දා ගියේය.
රෝගාතුරව වැඩ වෙසෙන උන්වහන්සේට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ අමාත්‍යවරයා, විහාරස්ථානයේ අවශ්‍යතා පිළිබඳව ද සොයා බැලීය. මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝඩ් කුරේ, උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතාද සහභාගී වූහ.