ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ නොසැලෙන ජීවය ඇගයීම සහ ප්‍රණාමය පුද කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා කර්මාන්ත මණ්ඩලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන, වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා 2017, සම්මාන උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

22 වන වරටත් සංවිධානය කර තිබූ මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා, වසරේ විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව, වසරේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා හා වසරේ විශිෂ්ටතම හැකියාවන් සහිත ව්‍යවසායකයා වෙනුවෙන් සම්මාන පිරිනැමිණ.

මෙහි ප්‍රධාන සම්මානය වන ප්ලැටිනම් සම්මානය ජැට් හෝල්ඩින්ග්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේය.

දෙවන සම්මානය ඩීඑස්අයි සමූහ ව්‍යාපාරය වෙනුවෙන් පිරිනැමුණු අතර එහි කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා අතින් සම්මානය ලබා ගත්තේය.

අමාත්‍යවරුන් වන රිෂාඩ් රිෂාඩ් බදියුදීන්, දයා ගමගේ, මලික් සමරවික්‍රම යන මහත්වරුන් ද ව්‍යාපාරික ප්‍රජාව ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *