විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ ජීවන මග ආලෝකමත් කිරීම අප සැමගේ වගකීමක් යැයි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තිහාරිය ප්‍රදේශයේ පිහිටා ඇති විශේෂ අවශ්‍යතා සහිතවූවන් සඳහා ඇති ආයතනය නිරීක්ෂණයට එක්වෙමිනි. 15 වැනිදා අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පූර්ව දැනුම්දීමකින් තොරව එම ආයතනයට ගියේය.

විශේෂ අවශ්‍යතා ඇති ළමයින් 205 දෙනකු මෙහි ඉගෙනුම ලබති. 34 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් මෙහි සේවය කරති. රාජ්‍ය අනුග්‍රහය සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබෙන ආධාර මත මේ ආයතනය පවත්වාගෙන යති.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ආයතනයේ කාර්යය මණ්ඩලය මෙම දරුවන් වෙනුවෙන් කරන සේවය කරනවා. විශේෂ අවශ්‍යතා සහිතවූවන් ජීවන මග ආලෝකමත් කිරීම අප සැමගේ වගකීමක් වෙනවා. ආයතයේ පහසුකම් වැඩි දියුණු කිරීමට මා හට හැකි අයුරින් උදව් කරනවා යැයි ද අමාත්‍යවරයා කීවේය.

එහි සිටි ළමයින් බොහෝ දෙනෙක් අමාත්‍යවරයාගේ පැමිණීම පිළිබඳව සිය සතුට පළ කළ අතර, සංඥා භාෂාවෙන් අමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කරගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *