ශ්‍රී ලංකා හා කුවේට් වාණිජ මණ්ඩල අතර පෞද්ගලික අංශයේ ආයෝජන දායකත්වයට අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් තැබුණා.

ඒ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුවේට්හි පැවති ශ්‍රී ලංකා – කුවේට් ඒකබද්ධ වානිජ අමාත්‍ය කමිටු රැස්වීමේදී. කුවේට් රාජ්‍ය වෙනුවෙන් එරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය කාලීඩ් නාෂෙර් අල් අවුඩාන් මහතා අත්සන් තැබුවා. දෙරට අතර වාණිජ අමාත්‍ය කමිටු රැස්වීම පැවැත්වුණේ වසර 21කට පසුවයි.

එහිදී මෙරට ව්‍යාපාර හා අයෝජන සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දීමට කුවේට් රාජ්‍යය ලබා දී ඇති සහනාධාර පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී ස්තූතිය පළකර සිටියා. දෙරටේ මිත්‍රශීලිභාවයට සුරක්ෂිත කරමින් වෙළෙඳ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවයි, කුවේට් රාජ්‍යයේ කර්මාන්ත හා වානිජ අමාත්‍ය කාලීඩ් නාෂෙර් අල් අවුඩාන් මහතා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *