ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මකව වර්ධනය වී ඇතැයි ලෝක වෙළෙඳ සංවිධානය පවසති. ලෝක වෙළෙඳ සංවිධානය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක මේ බව දැක්වේ.

ලොව පුරා රටවල් 164ක ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් 1994 වර්ෂයේ සිට ලෝක වෙළෙඳ සංවිධානය සමීක්ෂණ වාර්තා නිකුත් කරති.
එම සංවිධානයේ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය වෙනුවෙන් පසුගිය වසරේ දී සිදුකළ නිරීක්ෂණයන්ට අනුව නවතම වාර්තාව එළිදක්වා තිබේ. එහි සඳහන් ආකාරයට 2010 වර්ෂයට සාපේක්ෂව 2016 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ලොව බොහෝ රටවලට මෙම ධනාත්මක ආර්ථික වර්ධනය ළඟා කරගැනීමට නොහැකි වී ඇති බව ද එම වාර්තාවේ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තු වාර්තා හා ලෝක වෙළෙඳ සංවිධානයේ නිරීක්ෂණ වාර්තා එම වාර්තාව සකසා තිබේ. එසේම 2016 වර්ෂයේ ජිනීවා නුවර දී පැවැති ලෝක වෙළෙඳ සංවිධානයේ ප්‍රගති සමාලෝචන සැසියේ දී අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ කරුණු ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *