ශ්‍රී ලංකාවේ නිවසීලන්ත මහ කොමසාරිස් ජොන්නා කෙම්පෙකර්ස් මැතිණිය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර සාකච්චාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 04දා පැවැත්විණ.

නවසීලන්ත දේවස්ථානයක් තුළ සිදූ වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා කණගාටුව පළ කළේය.
ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ක්‍ෂේත්‍රය වැඩි දියුණු කිරීම, අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සඳහාත්, තරුණ තරුණියන් සඳහා විධිමත් රැකියා අවස්ථා සපයා දීම කෙරෙහිද එහිදී සාකච්ඡා කෙරෙණි.

ශ්‍රී ලංකාවවට අමතරව ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලයේද, නවසීලන්ත මහකොමසාරිවරිය ලෙස ජොන්නා කෙම්පෙකර්ස් මැතිණිය රාජකාරී කරන්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *