ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර,  මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීම සඳහා රජය කටයුතු යොදා ඇති බවත්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇත්තේ ඒ සඳහා බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු  ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත්දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාත් ව්‍යවසායකත සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගෙන් 70%ක් පමණ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වන අතර මෙරට ආර්ථිකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 52%ක් උපයා දෙන්නේ ඔවුන් විසින් බවද මෙහිදී සඳහන් කළ ඇමතිවරයා මෙසේ සම්මාන උළෙල පවත්වා ඔවුන් දිරිමත් කිරීම ඉතා වැදගත් බවද කීවේය

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මඟින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේද සහාය ඇතිව පවත්වනු ලැබූ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2017  දී ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් 20 දෙනෙකුට සම්මාන ප්‍රදානය කෙරිණි.

කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමති චම්පිකා ප්‍රේමදාස, එම අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා විජයබණ්ඩාර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඕමාර් කාමිල් , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර යන මහත්ම මහත්මීහුද මෙහිදී කතා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *