ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කිළිනොච්චි ශාඛාවට නව තාක්ෂණයෙන් යුතු පුහුණු උපකරණ පරිත්‍යාග කිරීම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහ ජර්මානු තානාපති ජෝන් රූඩ්  මහතාගේ ප්‍රධානත්වයෙන් 18වැනිදා සිදු කෙරිණි.

උපකරණ තොගයේ වටිනාකම රුපියල්  මිලියන 110කි. මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය අමාත්‍ය රිෂාද් බදියුදීන්, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය යන මහත්වරු  ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *