ශිල්ප අභිමානී 2017, ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළෙලේ සමාරම්භක උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 04 වෙනිදා පස්වරුවේ පැවැත්විණි.

තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළෙල 04 සිට ලබන 08 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

2017 ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළෙල විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, චන්ද්‍රානි බණ්ඩාරල රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *