ශිල්ප අභිමානී – 2019 සමස්ත ලංකා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇතුළත් ශිල්ප නවෝදා, ජාතික ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 03වැනිදා විවෘත කෙරිණ.

හස්ත කර්මාන්ත ශිල්පය පාසල් දරුවන් අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ සුවිශේෂ නිර්මාණ ඉදිරිපත් කළ පාසල් දරුවන් සහ, පාසල් ඇගයීමට ලක් කරමින් මූල්‍යාධාර චෙක්පත් ප්‍රධානය කෙ⁣රිණ.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම්. ෆවුසි යන මහත්වරු, ජාතික ශිල්ප සභාවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *