පහළ මල්වතුඔය හරස් කරමින් ඉදිකෙරෙන තන්තිරිමලේ ජලාශය සඳහා මුල් ගල් තැබීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 25දා සිදු කෙරිණ.

අනුරාධපුර, වවුනියාව, මන්නාරම, දිස්ත්‍රික්වල ජන හදවත් යාකෙරෙන සංහිදියාවේ රන් දියවර වන තන්තිරිමලේ ජලාශය පහල මල්වතු ඔය හරස් කරමින් අනුරාධපුරයේ ඉදිවන විශාලතම ජලාශයයි.

හැට වසරකට අධික කාලයක් තුළ වැව් බැඳ‘ රාජ්‍යයේ ජනතාවගේ සිහිනය යථාර්ථයක් බවට පත්වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල, රුපියල් කෝටි 2,290 කි. කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉදිකෙරෙන මෙම ජලාශයෙන් වඩාත් අර්ථවත් හෙට දවසක් උදාකර දීම රජයේ අපේක්ෂාවය.

එම උත්සවය සඳහා කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විදුලි බල අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අමීර් අලී උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *