තමන් බාර ගන්නා විට පාඩු ලබමින් තිබූ ලංකා සතොස, 2017 අවසානය වන විට රුපියල් බිලියන 01 ක් හෙවත් රුපියල් කෝටි 100 ක වාර්තාගත මෙහෙයුම් ලාබයක් වාර්තා කිරීමට සමත්වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ගෙවී ගිය වසර තුළ දී මානව සම්පත් දායකත්වය, නාස්තියකින් තොරව, නිවැරදිව, කාර්යක්‍ෂමව හා ඵලදායීව මෙහෙයුම් කටයුතුවලට යොදා ගැනීම නිසාත්, ප්‍රවාහන මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම නිසාත්, අපට රු. බිලියන 2.8 ක් ඉතිරි කර ගැනීමට හැකිවී ඇති බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය.
මේ වන විට ලංකා සතොස අලෙවිසැල් 400 ක් දිවයින පුරාම විහිදී පවතින අතර  2018 වසර තුළදී ලංකා සතොස නව අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව 2018 දී අලෙවිසැල් ජාලය 500 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම නව අලෙවිසැල් 100 න්, 25 ක්ම සුපිරි මෙගා අලෙවිසැල් වන අතර මෙහි පළමු සුපිරි මෙගා අලෙවිසැල පසුගිය ජනවාරි 05 වන දා වැලිසරදී විවෘත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *