සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර සාකච්ඡාවක් කොළඹ, යුනියන් පෙදෙස, සමුපකාර දෙපාර්තමේන්තුවේ දී 8දා පැවැත්විණි.

සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී සාකච්ඡා කළහ.

වී සඳහා ඉහළ මිලක් ලබාදී ගොවියා ආරක්ෂා කිරීම, පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සහල් ලබාදීම, සහල් නිෂ්පාදකයන් ට තිබෙන මූල්‍ය අවශ්‍යතා සඳහා විධිමත් ක්‍රියාපටිපාටි අනුව සහන පොලීයට ණය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම, පාරිභෝගිකයින් ගසා කන සහල් මාෆියාවට තිත තැබීම, කුඩා පරිමාණ සහල් නිෂ්පාදකයන්ට වෙළෙඳපොළේ ඉඩ ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම ඇතුළු කරුණු රැසක් එහිදී සාකච්ඡා ⁣කළහ.

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී රංජිත් අශෝක, සමුපකාර විෂය බාර අතිරේක ලේකම් සමන් ජයසිංහ, සමුපකාර කොමසාරිස් එස්.එල්. නසීර්, සහකාර සමුපකාර කොමසාරිස්වරු ඇතුළු අමාත්‍යාංශයේ සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය වෙනුවෙන් නාමල් කරුණාරත්න, පළාත් නියෝජිතයන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *