දේශීය වෙළද පොලේ සහල් මිල ඉහළයෑම වැළැක්වීමේ අරමුණින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් (100000) ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් (70000) හා සම්බා සහල් මෙට්‍රික් ටොන් තිස්දහසක් (30000) ඉන්දියාවෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම සහල් තොගය ඉන්දියාවේ පෞද්ගලික අංශයෙන් මෙරටට ලබා ගැනීමට නියමිත අතර එහි මූලික අදියර ලෙස නාඩු මෙට්‍රික්ටොන් 70000 ක ප්‍රමාණය එළඹෙන සැප්තැම්බර් මස දෙවන සතිය තුළ මෙරටට ලබා ගැනීමට නියමිතව ඇති බවත් ඉතිරි සම්බා මෙට්‍රික්ටොන් 30000 ක ප්‍රමාණය සැප්තැම්බර් මස අග සතියේදී මෙරට වෙළද පොලට මුදා හැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

සහල් පාලන මිල පසුගිය අගෝස්තු මස 16 වෙනිදා සිට ඉවත්කිරීමත් සමග කූට වෙළදුන් විසින් මෙරට වෙළදපොළ තුළ සහල් හිගයක් මවාපාමින්, සහල්මිල ඉහළ දමමින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කිරීම වැලක්වීමේ අරමුණින් මෙම සහල් තොගය මෙරටට ආනයනය කිරීමට පියවර ගත්බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *