ශ්‍රී ලංකාව හා චීනය අතර ඓතිහාසික සබඳකම් ඉතා ඈත අතීතයට දිවයන්නක් බවත් ඉදිරි කාලයේ දී සමුද්‍රීය සේද මාවතේ සැලැස්ම වඩාත් පුළල්වීමත් සමග ශ්‍රී ලංකාව අතර බැඳීම තවදුරටත් වර්ධනය වන බවත් චීන මධ්‍යම රජයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරන ලේකම් පෙන්ග් ක්වින්ගුවා චීනයේ නැනිංග්හි දී කීවේය.
හෙතෙම මේ බව කියා සිටියේ චීනයේ පැවැත්වෙන සියෙක්ස්පෝ 13 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය හා සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ගිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා ඇතුළු දූත පිරිස සැප්තැම්බර් 13 වැනිදා හමුවීමෙන් අනතුරුවය.
අමාත්‍ය බද්යුදීන් මහතා සියෙක්ස්පෝ 13 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ වෙළඳ සහ වාණිජ නියෝජිත මණ්ඩලයේ 23වන සාමාජිකත්වයට වර්ථමානයේ නායකත්වය දෙයි.  සියෙක්ස්පෝ හි ප්‍රධාන කාර්යය වන්නේ ආසියානු රටවල් සමග වෙළෙඳ සබඳතා වර්ධනය කරගැනීමයි.
ලේකම් ක්වින්ගුවා මහතාගේ කාරියාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට  ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණි. ‘‘රටකට චීනයේ සහ ආසියානු වෙළඳපොලවලට ඇතුලු වීමට මේ ප්‍රදර්ශනය ඉතා වැදගත් කවුළුවක් වනවා. මේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අපූරු අලංකාරයක් එක්කළා. ශ්‍රී ලංකාවෙන් පැමිණි අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසට මා මගේ හදපිරි කෘතඥාව පිරිනමනවා. විශේෂ සත්කාරක රටක් ලෙස එහි වාසිය ලබාගෙන අපගේ සමුද්‍රික සේද මාවතේ උපායශීලී වැදගත්කමක් බුක්තිවිදින ශ්‍රී ලංකාව සමග අපගේ සබඳකම් වැඩිදියුණු කරගන්න අපි ඉතා කැමැත්තෙන් සිටිනවා.“ යැයි ලේකම් වරයා වැඩිදුරටත් කීවේය.
මෙම හමුවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මෙසේ කීවේය.
‘‘ චීනයේ ක්‍රියාත්ක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටන ඉතා වැගත්. ඒ වගේ ම මේ කටයුත්තේ දී ගුවැංග්ෂි පළාත ඉතා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනවා. ශ්‍රී ලංකාව ඉතා ඈත අතීතයේ පටන් සේද මාවතේ වැදගත් මධ්‍යස්ථානයක් වුණා. මෙවර සිඑක්ස්පෝ 13 ප්‍රදර්ශනයට අපේ රටේ පුද්ගලික අංශය අතරත් මහත් උනන්දුවක් තිබුණා. අපි අපේ රජයේ සහයෝගය මේ ආකාරයෙන් වෙළඳ කටයුතු දියුණු කිරීමට ලබා දෙනවා. ගුවැංග්ෂි පළාත හා රජය සමඟ සම්බන්ධතා වැඩිදියුණු කිරීමට ඔබ කළ ආරාධනය ගැන සතුටු වනවා. අපි අපේ ආරාධනාව ශ්‍රී ලංකාවේ නිරන්තරවම සූදානමින් සිටිනවා ඔභ හා අප අතර වෙළඳ හා ආයෝජන සහයෝගීතාව වර්ධනය කරගැනීමට.
චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2014 දී ඇමෙරිකා ඩොලර් බිලියන 3.5ක් වූ බවත් එය 2015 දී බිලියන හතරක් දක්වා වර්ධනය වූ බවත් අමාත්‍ය බදුයිදීන් මහතා මේ අවස්ථාවේ දී වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍ය බදුයිදීන් මහතා සිඑක්ස්පෝ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සැපැතැම්බර් 11 වැනි දින ප්‍රදර්ශනයට සහභාගී වූ අතර ආසියානු රටවල ඉහළ පෙලේ නායකයන් 15 දෙනකු සමග අමාත්‍යවරයා ද සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *