මේ වසරේ සතොස අලෙවිසැල් 100ක් අලුතින් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ජංගම අලෙවිරථ සංඛ්‍යාව ද සියය දක්වා වැඩි කරන බවයි, ඔහු පවසන්නේ. වෙළෙදපොළ තරගකාරීත්වය තුළින් භාණ්ඩ මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පවසනවා.
මේ වන විට සතොස ආයතනය සතු අලෙවිසැල් සංඛ්‍යාව 400ක්. පසුගිය දෙසතිය තුළ නව අලෙවිසැල් 28ක් විවෘත කර තිබෙනවා. අලුතෙන් ආරම්භ කිරීටම යන අලෙවිසැල් 25ක් සුපිරි මෙගා අලෙවිසැලක් වීම විශේෂත්වයක්.
පළමු මෙගා අලෙවිසැල හෙට වැලිසරදී විවෘත කෙරෙනවා. ජංගම අලෙවි රථ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, ග්‍රාමීය පොල, ජනාකීර්ණ ස්ථාන හා දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවයේ යෙදවීමට නියමිතයි.